පාකිස්තානය පරදා කඩුලු දෙකක තියුණු ජයකින් දකුණු අප්‍රිකාව WTC අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
පාකිස්තානය පරදා කඩුලු දෙකක තියුණු ජයකින් දකුණු අප්‍රිකාව WTC අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි පාකිස්තානය පරදා කඩුලු දෙකක තියුණු ජයකින් දකුණු අප්‍රිකාව WTC අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කරමින් 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(29) සමත් වුණා. සෙන්චූරියන්හි පැවැති තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 148 ක ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3 ක් දැවී ලකුණු 27 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේදී කඩුලු 8ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. ටෙම්බා බවුමා ලකුණු 40 කටත්, ඒඩ්න් මාක්‍රම් ලකුණු 37 කටත් දැවී ගියා. ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 99 දී බිද වැටුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු පාකිස්තානය වෙත හිමි කර දෙමින්. කෙසේ වෙතත්, 9 වැනි කඩුල්ලට ලකුණු 51 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් මාර්කෝ යැන්සන් හා කාසිගෝ රබාඩා දකුණු අප්‍රිකාවට තරගයේ ජය හිමි කර දුන්නා. ඒ අනුව තරග දෙකකින් යුත...