අවුරැදු 6000 පැරණි සුසාන බුමියක් හමුවෙයි
2015 දී, මධ්‍යම නෙදර්ලන්තයේ නියුවේජින් නගරයෙන් වසර 6,000ක් පැරණි ගල් යුගයට අයත් සුසාන භූමියක් සොයා ගන්නා ලදී. මෙය මධ්‍යශිලා යුගයේ සිට මුල් නව ශිලා යුගය දක්වා කාලය වන අතර, මිනිසුන් දඩයම් කිරීමෙන් හා එක්රැස් වීමෙන් යුරෝපයේ ගොවිතැනට සහ පදිංචි වූ ජීවන රටාවන්ට මාරු වූ සංක්‍රාන්ති කාලයකි. එසේම මෙය නෙදර්ලන්තයේ මෙතෙක් හමු වූ පැරණිතම ළදරු භූමදානය සනිටුහන් කරමින්, බිළිඳකු අතේ තබාගෙන සිටින කාන්තාවකගේ අවශේෂ මෙම භූමදානය තුලින් සොයාගෙන ඇත. මෙහි වයස නිර්ණය කරන ලද්දේ මිනිස් අවශේෂ සහ ඒ ආශ්‍රිත කෞතුක වස්තු රේඩියෝ කාබන් කාල නිර්ණය කිරීමෙනි. මෙය නෙදර්ලන්තයේ පැරණිතම සුසාන භූමියක් වේ. ප්‍රාග් ඓතිහාසික ජීවිතය පිළිබඳ යම් අවබෝධයක් මෙයින් අපිට ලබාගත හැකිය